සිංහල සිංදු වාදනයේදී Relative Chords ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙම රීතියෙන් පිට පනින සිංහල සිංදු ඇත්තේ ඉතා සුළු ප්‍රතිශතයක්. එමනිසා Relative Chords ගැන දැනුමක් ලබා ගැනීම කොහෙත්ම අපතේ යන්නේ නැහැ.
- 1. Scales සහ ගීතයක “Key” එක
- 2. Triad Chords
- 3. කොහොමද ගීතයක Relative Chords හොයා ගන්නෙ
- 4. Dominant 7th Chords ගැන යමක්
Scales සහ ගීතයක “Key” එක
ඕගොල්ලන්ට Scales (ස්වර මාලාවන්) ගැන අවබෝධයක් තියනව කියල මං විශ්වාස කරනවා. ටිකක් මතක් කරගන්න ඕන නං……
Scale එකක් කියන්නෙ ප්‍රධාන ස්වරයෙන් පටන් ගෙන ස්වර අතර එක්තරා පිළිගත් මාත්‍රා දුර පරාසයකට ස්වර මාලව සකස් කර ගැනීමයි. බටහිර සංගීතයේ එක එක ජාතියෙ ස්වර මාලාවන් තියෙනවා. අපි වැඩියෙන් ම පාවිච්චි කරන්නෙ. Major සහ Minor ස්වර මාලාවන්.උදාහරණයක් ලෙස මේ බලන්න C major සහ C minor ස්වර මාලා.
එතකොට සිංදුවක “Key” එක කියන්නෙ මොකක්ද? සිංදුවක යෙදෙන Chords සහ ස්වර පදනම් වන්නේ යම් scale එකක් මතද, එය එම සිංදුවේ “Key” එක වනවා. උදාහරණයක් ගමු. “හන්තානෙට පායන සඳ” සිංදුවෙහි යෙදෙන්නෙ C major ස්වර මාලාවේ ස්වර සහ කෝඩ්ස්. එම නිසා එම සිංදුව “යන්නේ” C major Key එකේ කියල කියනවා.
එක Scale එකක් මත පදනම් වන නිසා මෙම chords එකිනෙකට නෑදෑකම් කියනව. එම නිසාම මේවාට Relative Chords කියන නම යොදනවා. සිංදුවක් මෙම නෑදෑකම මත පිහිටි chords යොදා සෑදූ විට හඬ මිහිරියි. සුසරවත්.
Relative Chords වලට පනින්න ප්‍රථම තව එක දෙයක් තියනව අවබෝධ කරගන්න. ඒ තමා Chords හැදෙන හැටි
Triad Chords
සිංහල සිංදු වල යෙදෙන්නෙ බොහෝ දුරට සරල chords. එයින් බොහොමයක් ඒව Triad Chords (major, minor වගේ chords). ඇයි මේවට Triad chords කියන්නෙ?
Triad කියන්නෙ ත්‍රිත්වය කියන එකනෙ. මේ chord එකක් හැදෙන්නෙ ස්වර ත්‍රිත්වයකින්. ඒකයි ඒ නම. ස්වර මාලාවේ එන ස්වර තුනෙන් තුනට ගැනල, එන ස්වර තුන එකක් මත එකක් ගොඩ ගැසීමෙන් මේ chords හදා ගන්නව. උදාහරණයක් බලමුකො.
මේ බලන්න C Major ස්වර මාලාවෙන් C major chord එක හදාගන්න හැටි.
C D E F G A B C ====>C E G====> C major Chord
C minor ස්වර මාලාව ගත්තොත් මේ විදිහට C minor Chord එක හදා ගන්න පුළුවන්
C D Eb F G Ab Bb C ====>C Eb G====> C major Chord
දැක්කනෙ, මහ ලොකු දෙයක් නෙමේ නේද?
Triad chords ගැනත් Scales ගැනත් ඔය සඳහන් කරපු ටික තේරුණානේ. දැන් යං Relative chords ගැන බලන්න.
කොහොමද ගීතයක Relative Chords හොයා ගන්නෙ
Triad Chords ගැන දන්න නිසා මේක දැං ලේසියි. සිංදුව යන්නෙ C major key එකේ කියන්නකො.ඒ කියන්නේ යොදාගන්න ඕන C Major ස්වර මාලාවයි. එතකොට C major Chord එකේ Relative Chords හොයාගන්නෙ පහත පෙන්නල තියන විදිහට scale එකේ හැම ස්වරයකින්ම triad chord එකක් හදා ගැනීමෙනුයි. එතකොට ගොඩ නැගෙන triad chords ටික ඒ key එකේ relative chords වෙනවා. මේ බලන්න.
C D E F G A B C D E F G A B C C Major
C D E F G A B C D E F G A B C D minor
C D E F G A B C D E F G A B C E minor
C D E F G A B C D E F G A B C F Major
C D E F G A B C D E F G A B C G Major
C D E F G A B C D E F G A B C A minor
C D E F G A B C D E F G A B C B diminished
ඔන්න තියෙනව C වල Relative Chords ටික. දැක්කනේ, මූලධර්මය හරිම සරලයි. සිංදුව යන්නේ A වල නම් A major scale එකට ඔය දේ කරනව. D වලනම් D major scale එක. එවගේ හැම ස්වරයකටම මේක පොදුවේ යෙදෙනවා. සිංදුව තියෙන්නෙ minor key එකක නම් minor scale එක යොදාගන්නව.
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C C minor
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C D diminished
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C Eb Major
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C F minor
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C G minor
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C Ab Major
C D Eb F G Ab Bb C D Eb F G Ab Bb C Bb Major
මුලින් මේක ටිකක් වැඩියි වගේ තේරෙයි. හැබැයි පස්සෙ ඕක නිකම්ම මතකයට එනවා.
Scales හැම එකකටම පොදු විදිහට සහ මතක තබා ගැනීමේ පහසුවට ඔය රටාව මෙහෙම ලියනව.
Major Scale Relative Chords
I | ii | iii | IV | V | vi | vii |
Major | minor | minor | Major | Major | minor | dim |
Minor Scale Relative Chords
i | ii | III | iv | v | VI | VII |
minor | dim | Major | minor | minor | Major | Major |
ඕක ලියල මතක තියා ගන්න. සිංදුවෙ key එක පළමු chord එක ලෙස පටන් ගත්තම අනිත් chords ටික ඔය වගුවෙ තියන විදිහට පහසුවෙන් හදා ගන්න පුලුවන්. ඔය අංක දාල තියන විදිහ වැදගත්. පේනවද Major chords වල රෝමන් අංකය ලියන්නේ Capital letters වලින්. minor සහ diminished, simple letters වලින්.
අපේ කට්ටිය බෑන්ඩ් එකක එහෙම පුහුණු වෙනකොට කොහොමද chords ටික අනිත් අයට කියන්නෙ ” මචං සිංදුව C එකේ යන්නෙ රීළඟට G එකයි F එකයි Am එකයි.” ඔහොමනෙ අපි කියන්නෙ. නමුත් බටහිර අය, විශේෂයෙන් Blues chords progression වලදි එහෙම chords එන පිළිවෙල කියන්නෙ ඔය අංක භාවිතා කරල. උදාහරණයක් විදිහට කියයි “Key එක C major රීලඟ changes IV, V & iv”. අපි මුලින් ඉගෙන ගත්තු සිද්ධාන්න නිසා හැමෝම දන්නව ඒ කියන්නෙ F,G සහ Am chords කියල.
Dominant 7th Chords ගැන යමක්
මේ කෝඩ්ස් වලට අමතරව අපි නිතර සිංදුවල දකිනව 7th chords. ඒව කොහොමද මතක තියාගන්නෙ? හරි ලේසියි
1. Major Key එකකදි I IV V 7th chords, Relative chords ලෙස යෙදෙනව. (eg C7, F7 & G7 in Key C ) වැඩියෙන් යෙදෙන්නෙ V7th
2. minor Key එකකදි V 7th chords එක Relative වෙනවා. “සැරයටියෙන් අපි” සිංදුව යන්නෙ Am වල. සිංදුවට ගිහිල්ල බලන්නකො E7 යෙදෙන හැටි.
නැවත මතක් කරගමු
අපේ අරමුණ වුනේ එකම පවුලේ කෝඩ්ස් (Relative Chords) ගැන අවබෝධයක් ලබා ගැනීමයි. මුලින්ම පිවිසුමක් ලෙස අපි ස්වර මාලා ගැනත් සිංදුවක Key එක කියන්නෙ මොකක්ද කියන එක ගැනත් පොඩි හැඳින්වීමක් කළා. රීළඟට බැලුවෙ Triad Chords හැදෙන්නෙ කොහොමද කියන එක ගැනයි. රීට පස්සෙ අපි ඒ දැනුම යෙදුව Relative chords ගැන හදාරන්න. ඒත් එක්කම ඒ සිද්ධාන්තය සරලව මතක තියා ගන්න ඉහත වගු ඉගෙන ගත්තා. 7th chords යෙදෙන හැටිත් බැලුව
ඉතින් ඔච්චරයි. ඉන්දියානු රාග සහ විරල බටහිර ස්වර මාලා මත පදනම් වුණ සමහර සිංදු ඇරෙන්න බහුතරයක් සිංහල සිංදුවල කෝඩ්ස් සංකලනය Relative chords මත පදනම් වෙලා ඇති බව මේ දැනුමත් එක්ක දැන් ඔයාලට පහසුවෙන් වැටහෙයි.
දැන්, ගනින්න බැරි තරම් කෝඩ්ස් අතරින් Relative Chords ගැන දැනුමට පිං සිද්ධ වෙන්න, සිංදුවට අවශ්‍ය කෝඩ්ස් මොනාද කියල හොයාගෙන රීළඟ පැදුරු පාටියෙදි ගිටාර් එකෙන් වැඩ පෙන්නල එක දා ගන්න පුළුවන් නෙ 🙂
මේ පාඩම ගැන මොනා හරි ප්‍රශ්න තියනවනං යොමුකරන්න. එහෙම නැත්තං මේකට යමක් එකතු කරන්න තියනවනං ඒකත් මට කියන්න. තව ගිටාර් වාදනය ගැන පාඩම් අවශ්‍ය නම් ලියල එවන්න. Good luck!
https://www.pottyprof.com/
ප්‍රියදර්ශන says
Tnx ,වටිනවා..තව පුළුවං නම් දැණුම බෙදලා දෙන්ඩ..
Harsha Jayamanne says
ඇගයිම් ලැබෙන කොට හැපි
Anonymous says
Thank sir
chinthana says
Thanks for sharing …:) keep it up..
එස්.එම්.ප්‍රේමලාල් සේනානායක says
හර්ෂ,මම හැමදාමත් ඔයාට ආශිර්වාද කරනවා.මොකද වෙන වෙන භාෂාවලින් ඒ ඒ විෂයන්ට අදාළව තම තමුන්ගේ භාෂාවලින් බොහෝ දැනුවත් කිරීම්,එළිදරව් කිරීම් කලාට සිංහල භාෂාවෙන් එවැනි දේ අන්තර්ජාලය තුළ සොයාගන්නට අපහසුයි.නමුත් ඔයා ඔයාට අදාළ
විෂය පිළීබදව සිංහල ජාතියට ඔබේ යුතුකම ඉටුකරනවා කියලයි මට හිතෙන්නෙ.බොහෝ දෙයින් අපි අසරන ජාතියක්ව සිටින මෙවන් මොහොතක ඔබේ වහකීම ඔබ ඉටු කරනවා හර්ෂ.
key board පිළිබදවත් හැකි දේ දෙන්න.ඔබට ජය.දෙවි පිහිටයි….
Harsha Jayamanne says
බොහොම ස්තුතියි.වෙලාව ලැබෙන විදිහට පුලුවන් තරම් කරන්නම්